මහේන්ද්‍රන් ගෙන්වන්න සිංගප්පූරුව සමඟ සාකච්ඡා

 ඡායාරූපය:

මහේන්ද්‍රන් ගෙන්වන්න සිංගප්පූරුව සමඟ සාකච්ඡා

බැඳුම්කර සිදුවීමට අදාළව එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කළ බවත් එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

බැඳුම්කර සිදුවීමට අදාළව එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ පෞද්ගලිකවම සාකච්ඡා කළ බවත් එම සියලු පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට පෙරේදා (16) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මහබැංකු මංකොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් මේ වන විට සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙන බවත් රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බවයි.

[දිනුක මලින්ද හේරත්]