වසරේ ගෙවී ගිය මාස 06දී ඩෙංගු මරණ 58ක්

 ඡායාරූපය:

වසරේ ගෙවී ගිය මාස 06දී ඩෙංගු මරණ 58ක්

මේ වසරේ ගෙවී ගිය මාස 6 තුළ රට පුරා ඩෙංගු රෝගීන් විසිඅට දහසක් වාර්තා වී ඇති අතර ඉන් 58 දෙනෙක් මරණයට පත් වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

 

ඒ අනුව 2018 වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. නිවාස, පාසල්, ආයතන හා වැඩබිම් පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින් මදුරු නිදර්ශන ආලේපන භාවිත කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 


ජනප්‍රිය ලිපි