නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගුවෙන් අල්ලයි

 ඡායාරූපය:

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගුවෙන් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහුගේ ගමන් මලුවල වර්ග දෙකක දුම්වැටි 27,720 සඟවා තිබූ අතර ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි වර්ගයකි. ඒවායේ වටිනාකම රුපියල් 13,86,000ක් වන අතර සැකකරු කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

 

ඔහු ඊයේ (14) සවස 6.30ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ EK- 652 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණ ඇත. ගුවන්තොටුපොළ රේගුව මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.