සංහිඳියාව තුළින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළා

 ඡායාරූපය:

සංහිඳියාව තුළින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළා

රජය සංහිඳියාව තුළින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළ බවත් පුද්ගල නිදහස තහවුරු කරමින් ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුනවා දුන් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අද (11) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

 

අපි එක්සත් හා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ගෙන ගියා. ජාතික සංහිඳියාව ජාතික එකාග්‍රතාවය ගොඩනගන අපේක්ෂාවෙන් කටයුතු කළේ. සංහිඳියාව තුළින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමට කටයුතු කළා. පුද්ගල නිදහස තහවුරු කළා. ප්‍රතිසංස්කරණ සමුදායක් හඳුනවා දෙන්න කටයුතු කළා. සිවිල් සමාජයට විනිවිද පෙනෙන අයුරින් කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. නිදහස හා කතා කිරීමේ අයිතිය ලබාදුන්නා. 2018 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිදහස තහවුරු කරගැනීම සම්බන්ධව වැදගත්. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. වෛරී දේශපාලකයින් නිසා මෙවැනි දේ ඇති වුණා. ඒ තුළින් ජනතාව තුළ බියක් ඇති වුණා. වර්ගවාදී දේශපාලනයන් මේ තුළින් ඉවත් කළ යුතුයි.


ඉඩම් අයිතිවසිකම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. සෝෆා කියන්නේ තවත් එකඟතාවයක්. රටවල් ගණනාවක් සමඟ මෙවැනි එකඟතා අත්සන් කර තිබෙනවා. සෝෆා එකට තවම අත්සන් කර නෑ. ගෝලීය වශයෙන් නොයෙක් ජාතිවාදී මතවාද භාවිතා කරනවා. රජයන් වෙනස් වෙනවා. සමාජයේ මිනිසුන් එලෙසම සිටිනවා. සමඟිය එකමුතුකම ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි. මේ විශ්වාසභංගය පරාජය කරන්න කියලා සභාවෙන් ඉල්ලා සිටිනවා.”