ජාලිය අල්ලන්න වරෙන්තු

ජාලිය අල්ලන්න වරෙන්තු

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා මෙන්ම ඔහුගේ බිරිඳ සහ ඇයගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (10) යළිත් විවෘත වරෙන්තු නිකුත් කළේය.

අධිකරණයේ අවසරය පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වූ එම සැකකරු මෙන්ම ඔහුගේ ඇපකාරියන් වන ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරියද විදෙස්ගත වී ඇති බවත් නැවත පැමිණ අධිකරණයට ඉදිරිපත් වන ලෙසට දන්වා අධිකරණය කළ නියෝගවලට පවා ඔවුන් අවනත වී නොමැති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදි. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 05 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ ය.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගනු ලැබුවේය.

මාතෘකා