පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන බදාදා යළි රැස්වෙයි

 ඡායාරූපය:

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන බදාදා යළි රැස්වෙයි

 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන බදාදා (10) පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතය.

 

එදිනටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා කමිටුව හමුවට කැඳවා ඇති බව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කරයි. දයාසිරි ජයසේකර මහතා එදිනටද කමිටුව හමුවට නොපැමිණිය හොත් ඒ වෙනුවෙන් අවශ්‍ය ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.  මීට පෙරද අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වූ අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන් රැසක් එම අවස්ථාවන්හිදී කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්හ.