අනවශ්‍ය නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉදිරියේදී නව පනත් 2ක්

 ඡායාරූපය:

අනවශ්‍ය නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉදිරියේදී නව පනත් 2ක්

අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා නව පනත් 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ පසුගියදා මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.


“අධිකරණයේ ස්වාධීනත්වය වැදගත් වෙන්නේ බලයේ නැතිකොට නෙවෙයි බලයේ ඉන්න කොට. මේ නිසා විශාල වැඩ කොටසක් කරන්න අපට සිද්ධ වෙනවා. නඩු කටයුත්තකට පැටලෙනවට වැඩිය හොඳයි ඒ මිනිස්සු හැමදේම අමතක කරලා නිකන් ඉන්න එක. ඒකට හේතුව තමයි අග්‍රවිනිශ්චයකාරතුමනි මම හෙට අනින්දා තවත් වෙනස්කම් කිහිපයක් කරන්න සූදානමින් ඉන්නේ. අපේ පනත්වල තියෙන පුංචි පුංචි ගැටලු නිසා සමහර මිනිස්සු දන්නේ නැහැ මහාධිකරණයේ ඇප ගන්න තියෙන අවස්ථාව ගැන. ගොඩක් කාලයක් මහේස්ත්‍රාත් අධිකරණයට රස්තියාදු වෙනවා. අනෙක් පැත්තට ගියාම තමන්ට තියෙන මුළු සේසතම වියදම් කරගන්නවා. හත් ලක්‍ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් නඩු කටයුතු අප රටේ පවතිනවා. ඒ වගේම සමහර වෙලාවට නොකරපු වැරදිවලටත් නරකාදියට වගේ ඒක ඇතුළට ගියාට පස්සේ එන්නේ සමාජයට අප්‍රසන්න පුද්ගලයෙක් හැටියට. මේවා ගැන අපිට තියෙන කාලේ අඩුයි. අපි පත්වුනේ අවුරුදු පහකට. මේ පහ තුළ අපි කරන්න පුලුවන් උපරිමයෙන්ම කරනවා.