මාලඹේ - කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අදින් ඇරඹේ

 ඡායාරූපය:

මාලඹේ - කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අදින් ඇරඹේ

 

මාලඹේ සිට කොළඹ කොටුව දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග සේවා සංක්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස කොළඹදී පැවැත්වීමට නියමිතය.

 

මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර නාගරික පොදු ප්‍රවාහන සේවයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. මෙය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක් ලෙස හැඳින්විය හැකිය. ජපාන රජයේ මූල්‍යාධාර යටතේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර අමෙරිකානු ඩොලර් බිලියන 1.85ක ආධාර මේ සඳහා හිමිව තිබේ.

 

මාලඹේ සිට බත්තරමුල්ල සහ බොරැල්ල ඔස්සේ කොළඹ කොටුවට ප්‍රවේශ වන සැහැල්ලු දුම්රියේ ගමන් මග කිලෝමීටර් 16ක් නැවතුම් ස්ථාන 16ක් සහිත අතර මාලඹේ සිට කොළඹ කොටුවට විනාඩි 32කින් ළඟාවීමේ හැකියාව පවතී.  2024දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂිතය.