පොළොන්නරුවේ නව කෞතුකාගාරය ජනපති ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට

 ඡායාරූපය:

පොළොන්නරුවේ නව කෞතුකාගාරය ජනපති ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට

 

පොළොන්නරුවේ ඉදිකෙරුණු අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

 

අක්කර දෙකක පමණ භූමියක පුරාණ තාක්ෂණයෙන් යුතු කෞතුකාගාරය ඉදිකර ඇති අතර මහල් තුනකින් සමන්විත එය විශාලත්වයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණකි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 80කි. 1877දී විලියම් ග්‍රෙගරි හිටපු ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයෙකුගේ මැදිහත්වීමෙන් ඉදි වූ ප්‍රථම කෞතුකාගාරය මෙයයි.

 

මෙරට පැවති ඉපැරණි තාක්ෂණ කර්මාන්ත 23කට අයත් තොරතුරු පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට එක්කර තිබේ. ගල් යුගයේ ආයුධ, කෘෂි, වාරි, ලෝහ, මැටි, රෙදිපිළි ආදියද එහි දක්නට ලැබේ. මෙහි ක්‍රියාකරකම් සංකල්පය සඳහාද කොටසක් වෙන් කර තිබේ. නව්‍යකරණ මධ්‍යස්ථානයක්, නිදහසින් පසු මෙරටට බිහි වූ රාජ්‍ය නායකයන්ගේ රුව සහිත ඉටිරූ කෞතුකාගාරයක්, ශ්‍රවණාගාරයක් ඇතුළු අංග රැසකින් එය සමන්විතය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය එක්ව මෙහි ඉදිකිරීම් සැලසුම් කර ඇත. කෞතුකාගාරය විවෘත කිරීමෙන් පසු පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට, පර්යේෂකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ටද ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ දැනුම් සම්භාරයක් ලබාගැනීමේ හැකියාව පවතී.