මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

 ඡායාරූපය:

මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් (Maxims Holdings) සමාගමේ නව තේ කර්මාන්ත ශාලාව ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

රුපියල් බිලියන 02ක මුදලක් ආයෝජනය කරමින් ඉදිකර තිබෙන ලොව දියුණුම තාක්ෂණයෙන් සැදුම්ලත් මෙම නවීනතම තේ කර්මාන්ත ශාලාව, පරිගණකගත නවීන ගබඩා සංකීර්ණය සහ නව්‍යතාවයෙන් යුත් කාර්යාල සංකීර්ණයකින් සමන්විත අතර, යාන්ත්‍රානුසාරයෙන් තේ සැකසීම, ඇසුරුම් නිෂ්පාදනය කිරීම ඇතුළු නව තාක්ෂණික හැකියාවන් රැසකින් අනූනය. සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

මැක්සීම්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.