විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

 ඡායාරූපය:

විමල් වීරවංශ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

ප්‍රකාශයක් ලබා දීම සඳහා ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්යෙන් මෙලෙස ප්‍රකාශ ලබා දීමටයි.
එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ශෂි වීරවංශ මහත්මියගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි. ඒ අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම අරඹා තිබේ.