අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ජනතා අයිතියට

 ඡායාරූපය:

අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ජනතා අයිතියට

අරවියල් නගර් උප දුම්රිය ස්ථානය ඊයේ (27) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් ජනතා අයිතියට පත් විය.

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා මෙම නව උප දුම්රිය ස්ථානය ඉදි කර තිබේ. ඊයේ දින ධාවනයට එක් වූ උත්තර දේවී දුම්රිය වෙනුවෙන් ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවා  මිලදී ගත් එස්.13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලය මේ අනුව ධාවනයට එක්වේ. ලබන මාර්තු මාසයේ සිට අනුරාධපුරයට හා දකුණටත් සුඛෝපබෝගී දුම්රිය සේවාවක් අරඹන බව මේ අවස්ථාවට එක් වූ  ඇමති අර්ජුන රණතුංග මහත කීය. ඉදිරියේදී උසස් තත්ත්වයේ සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දීමට යන බවත් ඉන්දියාවෙන් ඇණවුම් කළ  බලවේග දුම්රිය කට්ටල හා මැදිරි මෙරටට ගෙන්වූ වූ පසු මාර්තු මාසයේ සිට අනුරාධපුරයටත් දකුණට නව දුම්රිය සේවාවන් ආරම්භ කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. මීට සමගාමීව දකුණේ ජනතාවගේ පරිත්‍යාග මගින් එකතු වූ පාසල්පොත් හා උපකරණ යාපනයේ සිසුන්  පිරිසකට ප්‍රදානය කිරීමද ඇමැතිවරයා අතින් සිදුවිය.