ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

 ඡායාරූපය:

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ගුවන්තොටුපොළේදී රේගු භාරයට

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් ආලේපන තොගයක් නීති විරෝධි ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

ඔහු ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර එම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 05ක පමණ වන බව රේගුව ප්‍රකාශ කරයි. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම ලිංගික උත්තේජන සහ රාත්‍රී ආලේපන තොගය රාජසන්තක කර ව්‍යාපාරිකයාට රුපියල් 10,000ක දඩයක් නියම කළ බවයි.

මාතෘකා