ජනපති මෙහෙවර නාහිමි අගයයි

ජනපති මෙහෙවර නාහිමි අගයයි

මහ මන්දිර බැහැර කරමින් පොදු ජනතාව අතර සිට ජනතාවට සේවය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ උදාර මෙහෙවරක් බව ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය වැනි බිහිසුණු උවදුරුවලින් සමාජය ගලවා ගනිමින් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් රටත්, ජනතාවත් සුපෝෂණය කිරීමට ඉකුත් සිව්වසර තුළ ජනාධිතිවරයාගේ නායකත්වයෙන් සුවිශේෂී වැඩකොටසක් ඉටු වූ බව සඳහන් කළ උන්වහන්සේ, ඉදිරි වසර පමණක් නොව තවත් වසර 05ක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත්, සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ආරාධනා කරන බවද ප්‍රකාශ කළේය.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ විහාරස්ථාන වෙත පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් පෙරේදා (09) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය අමතමිනි.

මාතෘකා