නීතිය පාසල් විෂයට

 ඡායාරූපය:

නීතිය පාසල් විෂයට

පාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මේ සම්බන්ධයෙන් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික නීතිය වැනි කරුණු පිළිබඳව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීමෙන් දෛනිකව ඇති වන ගැටලුවලට මුහුණ දීමට දරුවන්ට අත්වැලක් වන බවත්, පාසල් වයසේ සිට දරුවන්ට නීතිය පිළිබඳ දැනුමක් ලබාදීම වටිනා අවස්ථාවක් බවත්, නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවත්ය.

කුඩා කාලයේ සිට මුලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධි විධාන සංග්‍රහය වැනි කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම රට තුළ අපරාධ අඩු වීමට හේතු වන බවද සඳහන් කළ අමාත්‍යවරිය තවදුරටත් කියා සිටියේ පවතින දඬුවම්, ඒවායේ බරපතලකම වැනි කරුණු නොදැනීම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් අපරාධ සිදු කරන බවත්, නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමෙන් ඉදිරියේදී රට තුළ අපරාධ හා වැරදි ක්‍රියා අවම කරගත හැකි බවත්ය.

මෙම නව ප්‍රතිසංස්කරණය සම්බන්ධ ඉදිරි කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මාතෘකා