ජනපති ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනව තෙමහල් ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කෙරේ

 ඡායාරූපය:

ජනපති ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනව තෙමහල් ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කෙරේ

ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැත්විණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහලේකම්, ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය මීගහතැන්නේ චන්දසිරි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක පිරිකර පූජාකර කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සග සතු කොට පූජා කරන ලදී.