අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

 ඡායාරූපය:

අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

 

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන සමුළු මාලාවේ පියවරක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අද (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාරිසරික වාර්තාව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහිදි පරිසර සමුළුව මුල්කරගෙන පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා පරිසර හිතකාමී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකුට සංකේතවත් ලෙස පළතුරු පැළ බෙදාදීමක්ද සිදු කළේය.