පලිබෝධ උවදුර අවදානමට ලක් කරන කෘමි ගහණයේ අඩුවීමක්

 ඡායාරූපය:

පලිබෝධ උවදුර අවදානමට ලක් කරන කෘමි ගහණයේ අඩුවීමක්

කෘමි ගහණය ශීඝ්‍රයෙන් පහතවැටීම හේතුවෙන් ලෝකය දැඩි පළිබෝධ උවදුරකට ලක්වීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි පරිසර විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

ලොව පුරා සිටින කෘමි විශේෂවලින් සියයට 40කම ගහණය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින අතර ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හෝ උරගයන්ට සාපේක්ෂව මී මැස්සන්, කූඹින් සහ කුරුමිණියන්ගේ ගහණය පහතවැටීම අට ගුණයකින් වේගවත් වී ඇති බව නවතම වාර්තාවක් මඟින් අනාවරණය වී ඇත. ඊට සාපේක්ෂව මැස්සන්, කැරපොත්තන් වැනි කෘමි වර්ග ගහණය ඉහළය මින් පවතින බවත් මෙලෙස කෘමි ගහණය පහත වැටීමට දේශගුණ විපර්යාසය පමණ ඉක්මවා කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම සහ පළිබෝධ හේතුවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කෘමීන්ගෙන් බහුතරයක් පොළොව මත දිවිගෙවන අතර ඔවුන් මිනිසුන් ඇතුළු සෙසු ජීවින්ට වාසි රැසක් සැලසේ. කුරුල්ලන්, වවුලන් සහ කුඩා ක්ෂීරපායීන්ට ආහාර සපයන්නේ කෘමීන් වන අතර ලොව පුරා අස්වනුවලිනන් සියයට 75ක්ම පරාගනය කර පස සාරවත් කරමින් පළිබෝධ පාලනය කරන්නේද කෘමීන්ය. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙලෙස කෘමි ගහණය පහතවැටීම ඉතා අවදානම් තත්ත්වයක් බවයි.

මාතෘකා