රූකාන්ත ඇතුළු 6කට එජාපයෙන් තනතුරු

 ඡායාරූපය:

රූකාන්ත ඇතුළු 6කට එජාපයෙන් තනතුරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනකු ඇතුළු හයදෙනක් එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් වශයෙන් ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී සිය පත්වීම් ලබා ගත්හ.

ඒ අතරින් ප්‍රවීණ හා ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතා දඹදෙණිය ආසනයේ සංවිධායක, කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසනයේ සංවිධායක, මංජුල බණ්ඩාර මහතා වාරියපොළ ආසනයේ සංවිධායක සහ උදය විජේනායක මහතා හිරියාල ආසනයේ සංවිධායක වශයෙන් මෙසේ පත්වීම් ලැබූහ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරූ තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පහත දුම්බර ආසනයේ සංවිධායක සහ ලලිත් දිසානායක මහතා අරණායක ආසනයේ සංවිධායක වශයෙන් සිය පත්වීම් ලබා ගත්හ.

[සඳමිණී කලුආරච්චි]

මාතෘකා