ලාංකිකයන් 72ක් බෝට්ටුවෙන් ප්‍රංශයට පනිති

 ඡායාරූපය:

ලාංකිකයන් 72ක් බෝට්ටුවෙන් ප්‍රංශයට පනිති

පසුගිය ජනවාරි මස 09 වැනි දින මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය ජේ.ප්‍රශංශා නමැති බහුදින ධීවර යාත්‍රාව ඊට ආසන්න දිනකදී හලාවත මුහුදේදී මිනිසුන් හැත්තෑ දෙකක් පටවා ගනිමින් ප්‍රංශයට අයත් ‘රියුනියන්’ නමැති දූපතට ළඟා වී තිබේ. දින විසිපහක කාලයක් තුළ යාත්‍රාව මේ දූපතට ළඟා වී ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය

සුදර්ශන් පෙරේරා නමැති හලාවත ධීවර ව්‍යාපාරිකයෙකුට අයත් මෙම යාත්‍රාවේ නියමුවා ලෙස කටයතු කළ මහවැව තොඩුවාව පදිංචි එම්. සී. කේ. ප්‍රනාන්දු ඇතුළු කාර්ය මණ්ඩලය මේ ජාවාරමට සම්බන්ධ වී තිබේ. මේ සම්බන්ධයෙන් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු මීගමුව පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කර තිබේ.

පසුගිය 09 වැනි දින යාත්‍රාවේ හිමිකරු යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන, අයිස් ඇතුළු අහාර ලබා දී යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත් කළත් යාත්‍රාවේ නියමුවාගේ පවුලේ සියලු දෙනා ඇතුළු කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමඟ මෙය ප්‍රංශය බලා පිටත්ව තිබේ. කාර්ය මණ්ඩලයේ හැර අනෙක් සියලු දෙනාගෙන් රුපියල් ලක්ෂ හයේ සිට ලක්ෂ දහය දක්වා මුදල් එකතු කර ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තා වේ.

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

මාතෘකා