කිරිපිටි ප්‍රමිතිය වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

 ඡායාරූපය:

කිරිපිටි ප්‍රමිතිය වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ චෝදනා පිළිබඳ විධිමත් විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

එම සංගමය මේ බව කියා සිටියේ ඊයේ (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ගැටලු මතු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මීට පෙරද මෙලමයින් සහ ඩීසීඩී නමැති මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ආනයනික කිරිපිටිවල තිබූ බවට රසායනාගාර පරීක්ෂණවලින් තහවරු වූ බවත් ඔවුන් එම ලිපිය මගින් අවධාරණය කර තිබේ. අදාළ තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත්, ආනයනික කිරිපිටිවල අඩංගු විය යුතු කිරි මේදය වෙනුවට ෆාම් තෙල් සහ ඌරු තෙල් වැනි වෙනත් සත්ත්ව මේද කිරිපිටිවලට මිශ්‍ර කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට ආ පැමිණිලිත් හේතුවෙන් මෙම විධිමත් පරීක්ෂණය අවැසි බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා