අගමැති ලතීෆ් අගයයි

 ඡායාරූපය:

අගමැති ලතීෆ් අගයයි

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත සිය ප්‍රශංසාව පළ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සිය ප්‍රශංසාව පළ කරමින් අගමැතිවරයා යොමු කළ ලිපියේ මෙසේ සඳහන් කර ඇත.

"මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටෙන් තුරන් කිරීම වෙනුවෙන් සිදු කරන ලද එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය සාධක බළකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම්සහගතය. මෙහි ලා විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත ක්‍රියා කලාපය මා අගය කරන අතරම එවන් කාර්යශුර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතකි."

මාතෘකා