නීතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් වටලා පාස්පෝර්ට් 45ක් විමර්ශන නිළධාරීන් භාරයට

 ඡායාරූපය:

නීතිවිරෝධි විදේශ රැකියා ආයතනයක් වටලා පාස්පෝර්ට් 45ක් විමර්ශන නිළධාරීන් භාරයට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් පසුගියදා (31) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, නව නගරය, 03 වන වීදිය, අංක 561/87Q දරන ස්ථානයේ  Ishara foreign employment නමින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය චන්ද්‍රාවති ගම්ලත් නම් වයස අවුරුදු 57 කාන්තාවකි. මෙම කාන්තාව නිතිවිරෝධි අයුරින් විදේශ රැුකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශ විමර්ශන නිළධාරීන්ට ලද තොරතුරු අනුව මෙම වැටලීම මෙහෙය වන ලදී. වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබී ගමන් බලපත‍්‍ර 45ක්, පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය සහතික, රැකියා වීසා බලපත‍්‍ර, අදාල ආයතනයේ ගිපි ශිර්ෂ හා තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීමේදී මෙම සැකකාරිය විසින් ගලේවෙල ප‍්‍රදේශයේ ඉෂාර විදේශ රැකියා ආයතනය නමින් කාර්යාංශයේ ලියාපදිංචිය ඇතිව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහි විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් එහි බලපත‍්‍රය 2016.01.01 දින අත්හිටුවා ඇති බවත් අනාවරණය විය. එසේම මෙම සැකකාරියට විරුද්ධව මීට පෙරද කාර්යාංශයට පැමිණිලි ලැබී ඇති අතර, ඒ පිළිබදවද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. සැකකාරිය ජනවාරි 30 වැනිදා අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර තිබේ. මෙහි වැඩිදුර නඩු විභාගය මැයි 07 වැනිදා පැවැත්වේ.