ස්විස් නිලධාරිනියගෙන්  පැය 9ක් ප්‍රශ්න කරයි

 ඡායාරූපය:

ස්විස් නිලධාරිනියගෙන්  පැය 9ක් ප්‍රශ්න කරයි

විදේශගත වීමේ තහනම දෙසැම්බර් 12 දක්වා දීර්ඝ කෙරේ

කොළඹදී පැහැරගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනියගෙන් පැය 9ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවත් විමර්ශන සඳහා තවත් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (9) අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ පෙරේදා (8) සවස 5.30 සිට ඊයේ අලුයම 2.30 දක්වා ඇයගෙන් එම ප්‍රකාශ ලබාගත් බවයි. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර සිටියේ මෙම නිලධාරිනියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කරන බවයි. එසේම ඇයව අපයෝජනයට හෝ පහරදීමකට ලක් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කළාය. මීට අමතරව ඇයගේ මානසික පීඩනය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.

News Order: 
5
මාතෘකා