මහාචාර්ය විනී විතාරණ දිවියෙන් සමු ගනියි

 ඡායාරූපය:

මහාචාර්ය විනී විතාරණ දිවියෙන් සමු ගනියි

සේවාර්ජිත මහාචාර්ය විනී විතාරණ මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ ප්‍රථම මාහචාර්යවරයා වූ ඒ මහතා සිංහල, ඉතිහාසය, පුරාවිද්‍යාව, භූගෝල හා මානව විද්‍යාව ආදී ක්ෂේත්‍ර ගණනාවක උගතෙක් විය. කොළඔ ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිය ලත්, මහාචාර්ය විනී විරාරණ මහතා ලන්ඩන් හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවලින් ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධිය ලැබීය.

අභාවප්‍රාප්ත විනි විතාරණ මහතාගේ දේහය හෙට (03) උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැම්පත් කර තබන අතර අවසන් කටයුතු බදාදා (04) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.