දින 10ට ජනපතිගෙන් වැඩ 12ක්

 ඡායාරූපය:

දින 10ට ජනපතිගෙන් වැඩ 12ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී ගතවූ දින 10 තුළ විශේෂ තීන්දු 12ක් ගෙන ඇති බවත් ඒ සෑම තීන්දුවකටම ජනතා ප්‍රසාදය හිමි වෙමින් පවතින බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය ඊයේ (1) නිවේදනය කළේය.

ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම, සියයට 15‍ වැට් බද්ද සියයට 8 දක්වා පහත හෙළීම, දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ද සියයට 25කින් පහත දැමීම, රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම, රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම, භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව, පරිසරය සම්බන්ධයෙන් පොලිසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ, පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ඉන් කිහිපයකි.

එමෙන්ම සිංහල ඡන්ද පදනම පිළිබඳ විශ්වාසය පළ කිරීම සහ එම ඡන්ද පදනමට දායක වී රට ගොඩනැඟීමට අනෙකුත් සියලු ජාතිකයන්ට ආරාධනා කිරීම, ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවයට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම, ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපතිවරයා සිය නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම සහ තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදා ගැනිමට සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ආදියද ඒ අතර වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
5
මාතෘකා