පාසල්වල හෙට සහ අනිද්දා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

 ඡායාරූපය:

පාසල්වල හෙට සහ අනිද්දා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

සෑම පාසලකම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද (29) සහ හෙට (30) යන දෙදින තුළ එය ක්‍රියාත්මක කෙරෙන අතර පාසල් ආරම්භ වීමට පෙර සියලු දිස්ත‍්‍රික්කවල ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගින් හතළිස් දහසකට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය ප‍්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.