වැලිකඩ ජේලර් ඝාතනයට අනුබල දුන් සැකකරු අධිකරණයට

 ඡායාරූපය:

වැලිකඩ ජේලර් ඝාතනයට අනුබල දුන් සැකකරු අධිකරණයට

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයෙකු වෙඩි තබා ඝාතනයට අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සැකකරු අද (22) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන්ට ආධාර අනුබල දුන් එහි යතුරුපැදියේ හිමිකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මඟින් හික්කඩුවේදී අත්අඩංගුවට ගැනුණි. අදාළ සැකකරු 25 හැවිරිදි හික්කඩුව පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.