මොහොමඩ් සහරාන්ගේ දියණිය වෙනුවෙන් පරිවාස වාර්තාවක් කැඳවයි

 ඡායාරූපය:

මොහොමඩ් සහරාන්ගේ දියණිය වෙනුවෙන් පරිවාස වාර්තාවක් කැඳවයි

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ වයස අවුරුදු 04ක දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියෝග කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධානි සහ කොලඹ ෂැංග්‍රිල්ලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සිද්ධියට අදාළව නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය. ත්‍රස්ත නායකයාගේ දරුවා සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර පැවති නඩු දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දරුවා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින සහරාන්ගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා භාරයේ සිටින අතර මෙම සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝම්බර් මස 16 වැනිදා කැඳවීමට නියමිතය.