කොළඹ ආරක්ෂක සමුළුව 29, 30 දෙදින තුළ පැවැත්වේ

 ඡායාරූපය:

කොළඹ ආරක්ෂක සමුළුව 29, 30 දෙදින තුළ පැවැත්වේ

කොළඹ ආරක්ෂක සමුළුව සඳහා මූලික කටයුතු සූදානම් බව යුද හමුදාව ප‍්‍රකාශ කරයි. මෙම සමුළුව ලබන 29 සහ 30 දෙදින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

‘සමකාලීන ආරක්‍ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය යන මාතෘකාව යටතේ දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ. ආරක්ෂාව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී සිදුවන අතර ආරාධිත සම්පත්දායකයන් 25 දෙනෙකු පමණ ඊට සහභාගී වන බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික, කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විසඳුම් මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ. යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් මත මෙම සමුළුව මෙවර සංවිධාන වන්නේ 09 වැනි වරටය.