
ආරක්ෂක අමාත්‍යංශයේ යුද හමුදා සෙබළෙකු දිවි හානි කර ගනී
කොටුව, ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි 27 හැවිරිදි යුද හමුදා සෙබළෙකු අද (14) අළුයම 4.10ට සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අත්තනකඩවල, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුද හමුදා මූලස්ථානයට අනියුක්තව රාජකාරි කළ සෙබලෙකි. ඔහු යුද හමුදා ඉංජිනේරු අංශයේ සේවය කරන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.
ජනප්‍රිය ලිපි