ගල්කිස්සේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට

 ඡායාරූපය:

ගල්කිස්සේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට

ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කෙරුණු අතර සැකකාරිය වයස අවුරුදු 49ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මෙහෙයුම් සිදු කරයි.