දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි සහ දැඩි සුළං

 ඡායාරූපය:

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි සහ දැඩි සුළං

දිවයිනේ නිරිත දිග කො‍‍ටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීම අද (14) දිනයේදීද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළං වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. සවස 2න් පසුව මුලතිව්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.