සුළං වේගයේ ක්ෂණික ඉහළ යාමක්

 ඡායාරූපය:

සුළං වේගයේ ක්ෂණික ඉහළ යාමක්

වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 - 65ක් දක්වාද, උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 - 50 දක්වාද ක්ෂණිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.