පිළිකා රෝග වාට්ටු සහ සායනවල පහසුකම් ඉහළ නැංවීමට පියවර

 ඡායාරූපය:

පිළිකා රෝග වාට්ටු සහ සායනවල පහසුකම් ඉහළ නැංවීමට පියවර

තමා අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පසු පිළිකා ආයතන, ළමා රෝහල් හා මාතෘ රෝහල් සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (08) පිළිකා රෝග වාට්ටු සඳහා වෛද්‍ය උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. දිවයින පුරා රෝහල්වල පිහිටි පිළිකා රෝග වාට්ටු හා සායනවල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

පිළිකා රෝගී සත්කාරක ඒකකවලට අවශ්‍ය උපකරණ බෙදාදීම නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී සිදුකෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි වටිනාකම රුපියල් මිලියන 300 කි.