හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත ජයසුන්දරට එරෙහිව නඩුවක්

 ඡායාරූපය:

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත ජයසුන්දරට එරෙහිව නඩුවක්

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මැඩ පැවැත්වීමට අපොහොසත් වීම අපරාධමය වරදක් යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නොසැලකිලිමත්කමින් මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් අපරාධමය වරදක් සිදුකර ඇතැයි මෙම චෝදනාවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම නඩුව සිවිල් පුරවැසියෙකු වන පාලින්ද වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇත.

ඉකුත්දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කලින්ම රජයට තොරතුරු වාර්තා කර තිබී ඇත. එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පති දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව පැමිණිලිකරු කියා සිටියි. එබැවින් ඔවුන්ට දඩුවම් පමුණුවන ලෙස මෙම නඩුවෙන් ඉල්ලා තිබේ.