පාස්කු ඉරිදා මිය ගිය සියලුදෙනාට පිං පමුණුවමින් ගංගාරාම විහාරස්ථානයේ දානමය පුණ්‍ය කර්මයක්

 ඡායාරූපය:

පාස්කු ඉරිදා මිය ගිය සියලුදෙනාට පිං පමුණුවමින් ගංගාරාම විහාරස්ථානයේ දානමය පුණ්‍ය කර්මයක්

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය සියලුදෙනාට පිං පමුණුවමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඊයේ (28) දහවල් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති දානමය පුණ්‍ය කර්මයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය.

 

මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි පැවැත්වුණු දානමය පුණ්‍ය කර්මය ගංගාරාම විහාරාධිකාරි පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිණි.

 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද කතෝලික පූජකතුමන්ලා සහ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ද මීට එක්ව සිටියහ.