ඇමති අර්ජුන කොළොන්නාවේ කලහාකාරී සිද්ධිය සම්බන්ධ නඩුවෙන් නිදහස්

 ඡායාරූපය:

ඇමති අර්ජුන කොළොන්නාවේ කලහාකාරී සිද්ධිය සම්බන්ධ නඩුවෙන් නිදහස්

මෑතකදී කොළොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කරුණු නැති බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි. ඒ අනුව සැකකරු මුදා හරින මෙන්ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට නියම කළේය.