අගමැතිට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඇමතුමක්

අගමැතිට බ්‍රිතාන්‍යයෙන් විශේෂ ඇමතුමක්

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතුවලට සහාය පළකිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් මෙරටට එවීමට කටයුතු කරන බව පෙරේදා (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය පැවසුවාය.

ප්‍රහාරයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කරන බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය එහිදී පවසා තිබේ. එසේම ඊයේ (24) උදෑසන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දුරකථනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරන බවත් ත්‍රස්ත ක්‍රියා මැඩලීම වෙනුවෙන් සිය සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා