CID ප්‍රශ්න කිරීමෙන් පසු අමල් පෙරේරා මුදාහැරේ

 ඡායාරූපය:

CID ප්‍රශ්න කිරීමෙන් පසු අමල් පෙරේරා මුදාහැරේ

ඩුබායිවලින් පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට ගත් ගායක අමල් පෙරේරා ඇතුළු 3ක් ප්‍රශ්න කිරීම්වලින් පසු මුදාහැර තිබේ.

ඩුබාහි පොලිස් අත්අඩංගුවේ සිට පිටුවහල් කෙරුණු ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු ඊයේ අලුයම (23) 5ට පමණ ඒ. යූ. එල්. 226 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියේය. ගායක අමල් පෙරේරා, ෂෙල්ටන් කළුපහන, මොහොමඩ් අස්මී, ධම්මික නුවන්, දීපාල් චමින්ද හා අමිල ප්‍රසංග යන සැකකරුවන් මෙලෙස දිවයිනට පැමිණියේය.