කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

 ඡායාරූපය:

කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පරීක්ෂණ අකුරට - ජනපති

පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් මේ අවස්ථාවේදී සියලු පුද්ගලයන් සන්සුන්ව සිටින ලෙසත් කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම සිදුවීම වෙනුවෙන් රජය විසින් ගතහැකි සියලු පියවරක්ම ගැනීමට කටයුතු කරන බවත් රජයේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

“සිදුවී ඇති බරපතළ ඛේදවාචකය පිළිබඳව මම දැඩි සේ කම්පනයට පත්ව සිටිමි. කිසිසේත් බලාපොරොත්තු නොවූ මේ සිදුවීම පිළිබඳව මා මෙන්ම මුළු මහත් ලක්වැසි ජනතාවම දැඩි සේ කම්පනයට පත්ව සිටින අවස්ථාවක් වගේම දැඩි සේ වේදනාවට පත්ව සිටින අවස්ථාවක් බව මම දනිමි.

මෙම සිදුවීම පිළිබඳ මෙහි පිටුපස ඇත්තේ කුමන ආකාරයේ කුමන්ත්‍රණයක්ද යන්න පැහැදිලි ලෙස සොයා ගැනීම සඳහා අදාළ පරීක්ෂණ කණ්ඩායමට පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද, නාවික, ගුවන් සියලු ආරක්ෂක අංශවලට මේ වන විට උපදෙස් දී ඔවුන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාශීලීව ඇත. ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා මුළුමහත් ජනතාවගේ සහයෝගය ඉතා කාරුණිකව රජය බලාපොරොත්තු වෙයි.”