සියලු අන්තවාදී සංවිධාන...

සියලු අන්තවාදී සංවිධාන...

රට තුළ පවතින සියලුම අන්තවාදී සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

ඊයේ (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. මෙම හදිසි අවස්ථාවේ සියලුදෙනා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මාතෘකා