ජනතාව ඉලක්ක කර එල්ල කළ බියගුලු ප්‍රහාරය හෙලා දකිනවා

 ඡායාරූපය:

ජනතාව ඉලක්ක කර එල්ල කළ බියගුලු ප්‍රහාරය හෙලා දකිනවා

ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ බියගුලු ප්‍රහාරය තරයේ හෙලා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ, මේ ඛේදජනක අවස්ථාවේ සියලු ශ්‍රී ලාංකිකයින් එක්සත්ව සිටිය යුතු බවයි. කිසිඳු පදනමක් නොමැති හා තහවුරු නොකළ වාර්තා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියි. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දෙයි.