'ජීවන් මල්ලී' කෝටි 5ක හෙරොයින් සමඟ STF අත්අඩංගුවට

 ඡායාරූපය:

'ජීවන් මල්ලී' කෝටි 5ක හෙරොයින් සමඟ STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා ජීවන් මල්ලි’ රුපියල් කෝටි 6කට අධික හෙරොයින් කිලෝ ග්‍රෑම් 5ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නමැති අය විසින් මෙහෙයවා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරයට ගෙන තිබේ.