නදීමාල් පෙරේරා ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට

 ඡායාරූපය:

නදීමාල් පෙරේරා ප්‍රකාශයක් ලබා දීම සඳහා CIDයට

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්‍රකාශක් ලබා දීම සඳහා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබේ. පෙරවරු 9.20ට CIDයට පැමිණි ඔහු පැය 3කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විට පිටව ගොස් ඇති බව වාර්තා වේ.

පසුගියදා ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට පත් ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් පෙබරවාරි 28 වැනිදා ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ. පසුව නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු වීම නිසා ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරිණ. ඔහු දිවයිනට පැමිණි දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළේය.