ඩුබායිහිදී පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායකට

 ඡායාරූපය:

ඩුබායිහිදී පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායකට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද (18) අලුයම මෙරටට පැමිණ තිබේ.

 

යූ. එල්. 226 දරණ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇත. පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රීඩ් මොහොමඩ් ඉන්හාම් යන මේ දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන්අතොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී බාරයට ගෙන තිබේ.