සුව ඇමති සුරතින් රෝහල්වලට නවීන ගිලන් රථ 138ක් බෙදාදීම හෙට

 ඡායාරූපය:

සුව ඇමති සුරතින් රෝහල්වලට නවීන ගිලන් රථ 138ක් බෙදාදීම හෙට

දිවයින පුරා රෝහල්වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 11 වැනිදා පෙරවරු 10.00ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118ක් බෙදාදීමට නියමිත අතර එක් ගිලන් රථයක වටිනාකම අනූ එක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20ක් බෙදාදීමට නියමිත අතර එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි. මීට පෙර ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152ක් රෝහල්වලට බෙදා දී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නවීන ගිලන් රථ 450ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය. මෙතෙක් කල් රෝහල්වලට ලබාදෙනු ලැබුයේ සාමාන්‍ය වර්ගයේ ගිලන් රථ වෙයි.