මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනෙක් පිටුවහල් කෙරේ

 ඡායාරූපය:

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනෙක් පිටුවහල් කෙරේ

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද (08) අලුයම යූ. එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ කොළඹ10, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් හා කොළඹ 10, ජුම්මා මස්ජිද් මාවතේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන්ය. ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය බාරයට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.