බක්මහ දිවුරුමට රටම එක්වෙයි

 ඡායාරූපය:

බක්මහ දිවුරුමට රටම එක්වෙයි

 ‘මතින් නිදහස් රටක්’ අනාගත පරපුර වෙත උරුම කර දීම සඳහා වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමට කැපවන බවට ඊයේ (3) රටම එක්ව ‘බක්මහ දිවුරුම’ ලබා දුන්නේය.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කඡානායක කරු ජයසූරිය යන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (03) පෙරවරු 8.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මෙම දිවුරුම ලබා දීම සිදුවිය.

‘මතින් නිදහස් රටක්’ අනාගත පරපුර වෙත උරුම කර දීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවටත් මේ වන විට එයට ගොදුරුවී සිටින/ නොසිටින තම ඥාති, හිතමිත්‍රාදීන්ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා බවටත් සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් තමා වෙත පැවරෙන සාමූහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව ඉටු කිරීමට කැප වන බවටත් මෙහි දී සියලුදෙනා ප්‍රතිඥා දුන්හ.