මදූෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 2ක් දිවයිනට

 ඡායාරූපය:

මදූෂ් සමඟ අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 2ක් දිවයිනට

මාකඳුරේ මදූෂ් සමඟ බුඩායි පොලීසියේ අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් අද (02) උදෑසන යූ. එල්. 226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ 12 පදිංචි 48 හැවිරිද මොහොමඩ් සිද්ධික් මොහොමඩ් ෂියාම් සහ කඹුරුපිටියේ පදිංචි 40 හැවිරිදි ලංකා රජිත පෙරේරා යන සැකකරුවන් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානය පවසයි. මේ වන විට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.